දින 10ක් තුන සංචාරකයන් 61,000ක් දිවයිනට

නොවැම්බර් මාසයේ පළමු දින 10 තුළ පමණක් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 61,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව ගතවූ දින 10 තුළ සංචාරකයින් 61,767 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළදී සංචාරකයින් 16 ලක්ෂ 82,482 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඕස්ටේ්‍රලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලින් වනවා .