ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුව ඇති මරණ ගණන 582,743ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (16දා) අලුයම වාර්තා කර තිබෙනවා. මේ වනවිට ගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූවන් 13,504,553ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,522,596ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

