Instagram සදහා Pinned Comments පහසුකම පසුගිය මැයි මාසයේ අත්හදා බැලීමෙන් පසුව මේ වන විට නිළ වශයෙන් නිකුත් කිරීමට Instagram ආයතනය කටයුතු කර තිබෙනවා.
මෙම පහසුකම හරහා ඔබට අවශ්‍ය Comments 3ක් Pin කල හැකි අතර මෙමගින් Post වෙත ලැබෙන අනවශ්‍ය comments සදහා තම මිතුරන් යොමු වීම අවම කර නිර්මාණශීලි සහ ධනාත්මක comments සදහා පරිශීලකයන් යොමු කිරීමට හැකියාව ලැබෙනවා.
මේ අනුව IOS පරිශීලකයින් හට Comment එක Swipe කිරීමෙන්ද Android පරිශීලකයින් හට අදාල Comment එක මත Touch & Hold කරගෙන සිටීමෙන් ද Comment Pin Option එක ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති.

