නිල නොවන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වලකින්න

කොමිෂන් සභාව විසින් නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නිල නොවන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලුම මාධ්‍ය වේදිකාවලින් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියේ මැතිවරණ ආවරණය සඳහා වන මාධ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ සැප්තැම්බර් 25 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිපදින ලෙසයි.

සියලුම මුද්‍රිත, විකාශන සහ ඩිජිටල් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ද අදාළ ගැසට් පත්‍රයට අනුගත වන ලෙස ඉල්ලා ඇත.