2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 4.00 න් අවසන් වූවා.
අද පෙරවරු 08.00 සිට ඡන්ද මධ්‍යස්ථාන 13,314කදී ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණා.
මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක සංඛ්‍යාවක් තරග කරන අතර ඒ අතරින්, අපේක්ෂකයින් 5,006ක් පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වී සිටිනවා.
ස්වාධීන අපේක්ෂකයින් සංඛ්‍යාව 3, 346ක්.
ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු 29 දෙනා සඳහා අපේක්ෂකයින් 536ක් ඉදිරිපත්ව සිටිනවා.

