ඉතා ජනප්‍රිය වුණු Barbie චිත්‍රපටයේ Barbie චරිතය රඟ පෑ Margot Robbie මව් පදවිය ලබා ඇතැයි වාර්තා වෙනවා .
පිරිමි දරුවෙක් වන මෙම දරුවා පසුගිය ඔක්තෝම්බර් 17 වන දා උපත ලබා තිබෙනවා .
Daily Mail සඳහන් කරන්නේ ඇයට නියමිත දිනයට වඩා සති දෙකකට පෙර දරුවා ලැබුණු නමුත් මවත් දරුවාත් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි .
Margot Robbie සහ ඇයගේ සැමියා වන Tom Ackerley 2016 දෙසැම්බර් මස විවාහ වී තිබෙනවා .
මේ ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා වනවා .

