Barbie ට පණ දුන් Margot Robbie මව් පදවියට

ඉතා ජනප්‍රිය වුණු Barbie චිත්‍රපටයේ Barbie චරිතය රඟ පෑ Margot Robbie මව් පදවිය ලබා ඇතැයි වාර්තා වෙනවා .

පිරිමි දරුවෙක් වන මෙම දරුවා පසුගිය ඔක්තෝම්බර් 17 වන දා උපත ලබා තිබෙනවා .

Daily Mail සඳහන් කරන්නේ ඇයට නියමිත දිනයට වඩා සති දෙකකට පෙර දරුවා ලැබුණු නමුත් මවත් දරුවාත් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි .

Margot Robbie සහ ඇයගේ සැමියා වන Tom Ackerley 2016 දෙසැම්බර් මස විවාහ වී තිබෙනවා .

මේ ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා වනවා .