දිස්ත්රික්ක රැසකට පළවන මට්ටමේ සහ දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා .
2වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත්තේ කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්රික්කවලටයි.
එසේම බදුල්ල, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්රික්කවල 1වන මට්ටමේ අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා .

