මුහුද යටදී විවාහ වුණු අරාබි පෙම්වතුන්

විවාහය කියන්නේ අපි හැමෝගෙම ජීවිතවල තියෙන විශේෂ දවසක් .

ඉතින් ඒ දවස තවත් විශේෂ කරමින් සෞදි අරාබියේ Hassan Abu Ola සහ Yasmine Daftardar කියන යුවල සිය විවාහ ගිවිස ගැනීම මුහුද යට සිදු කර තිබෙනවා .

ඔවුන් මේ සඳහා තෝරා ගෙන තියෙන්නේ Jeddah ට ඔබ්බෙන් වූ රතු මුහුදයි .

විචිත්‍රවත් කොරල්පරවලින් සහ විවිධ සාගර ජීවීන්ගෙන් වට වූ පරිසරයක , කුඩා කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙනුයි මේ විවාහ ගිවිස ගැනීම සිදු වෙලා තියෙන්නේ.

මෙලෙස සෞදි අරාබියේ මුහුද යට ගිවිස ගැනීමක් සිදු වූ පළමු අවසථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.