පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
ගතවූ දිනයේ පැමිණිලි 58ක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර ඒ අනුව මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැත.
ලැබී ඇති පැමිණිලි 401න් 309ක්ම මේවන විටත් විසඳා ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

