ලියාපදිංචි ඡන්දදායකයෙකුට දිනකට ඩොලර් මිලියනයක්

ලබන නොවැම්බරයේ පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය තෙක් පෙන්සිල්වේනියාවේ ප්‍රධාන ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයෙකුට දිනකට ඩොලර් මිලියනයක් ලබා දෙන බවට Elon Musk ප්‍රකාශ කරනවා.

ලොතරැයි දිනුම් ඇදීමක් ලෙසටයි එම මුදල දිනා ගන්නා තැනැත්තා තෝරා ගන්නේ.

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දැක්වීම සඳහා මස්ක්ගේ ප්‍රචාරක කණ්ඩායම වන AmericaPAC විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා ගැති පෙත්සමකට අත්සන් කරන අයගෙන් ජයග්‍රාහකයා අහඹු ලෙස තෝරා ගනු ලැබෙනවා.

එහි පළමු ජයග්‍රාහකයා ඊයේ දිනයේ දී තෝරා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Musk මෙවර ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන අතර ඔහු දැනටමත් ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් වැය කර තිබෙනවා.