පැය 24ක් තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000ක්

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එය මෙතෙක් ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව වන අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ 48,000 ඉක්මවනවා.

මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ කොරෝනා මරණ 18,669ක් බවයි.

තමිල්නාඩුවේ චෙන්නායි නුවර පමණක් ආසාදිතයන් එක්ලක්ෂ 2,721ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 1385ක්.