අද (5) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අද උදෑසන 5ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ.
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මොරටුවේ සිට පානදුර දක්වා යමින් සිටියදී හොරෙයිතුඩුව 13 කණුව අසල දී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
එහිදී පා පැදියක ගමන්ගත් 64 හැවිරිදි ගොරකාපොල පදිංචි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවේ පසුවේ.
අද දෙරණ

