මෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ.

වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ ලතින් අමෙරිකානු රටක් වන මෙක්සිකෝවේ මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 30,366ක් ලෙසය.

ඒ අනුව ලොව කොවිඩ් මරණ වැඩිම රටවල් අතර 5 වන ස්ථානයට මෙක්සිකෝව පත්ව තිබේ.

මෙක්සිකෝවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දෙදහස් 165කි.

ඉන් එක් ලක්ෂ පනස් දෙදහස් 309 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.