මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ ජයන්තියාය කිලෝ මීටර 111 කණුව අසළ දී යුද හමුදා රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළුන් දෙදෙනෙක් වාහනයකින් හප්පා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (01) රාත්රී 7ට පමණ සිද්ධපුර යුද හමුදා ගොවිපලේ රාජකාරී කළ මෙම සෙබළුන් දෙදෙනා මාර්ගයේ වම් පසින් වාලච්චේන දෙසට ගමන් කරමින් සිටිය දී පොළොන්නරුව දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වු වාහනයකින් මොවුන් දෙදෙනා හප්පා ගොස් ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු එක් සෙබළෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අනෙක් පුද්ගලයාට තුවාල සිදුව නොමැත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක් වු සිංහපුර, වැලිකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය වැලිකන්ද රෝහලේ තැන්පත් කර ඇත.
අනතුර සිදුකළ වාහනය සොයා වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
අද දෙරණ

