කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස අද (02) දහවල් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

