ඉන්දියාවේ විදෙස් කටයුතු ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එම ගමනේ දී ද්විපර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

අභිනව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා මොහු වනවා.

ජනාධිපතිවරයා චීනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකාව අදානි සමාගම සමග සිදුකරන සුළං බල විදුලි ව්‍යාපෘති පිළිබඳ දරන ස්ථාවරය ඉන්දීය මෙහිදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත බව සදහන්.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන හමුවීමට නියමිතයි.

ජයශංකර් අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක් වන බව වාර්තා වනවා.