2017 පසු නිකුත් වූ ප්‍රබලතම සූර්ය ගිනි දැල්ල නිකුත් වෙයි

X9.0 අගයක් සහිත ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන sunspot 3842 නම් කලාපයෙන් නිකුත් වී ඇති වී තිබෙනවා .

මෙය අති විශාල ගිනි දැල්ලක් වන අතර වත්මන් සූර්ය චක්‍රයේ ප්‍රබලම සූර්ය ගිනි දැල්ල මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය ඊයේ යුරෝපා වේලාවෙන් 8:10 am (1210 GMT) ට පමණ උච්චතම අවස්ථාවට පත් වූ අතර, පුපුරා යාමේදී පෘථිවියේ ඒ වෙලාවේ හිරු එළිය ඇති අප්‍රිකාව සහ යුරෝපය පුරා කෙටි තරංග රේඩියෝ වලට බාධා එල්ල කර තිබෙනවා .

ඒ අනුව තව පැය 72ක් තුළ දී නැවතත් Red Aurora දැක ගත හැකිවනු ඇති බවද සඳහන්.

එමෙන්ම 2017 පසුව නිකුත් වූ විශාලතම සූර්ය ගිනිදැල්ල ද මෙය වන බවයි වාර්තා වන්නේ.

පසුගිය ඔක්තෝබර් 1 වෙනිදා, එම සූර්ය ලප කලාපයම බලගතු X7.1 සූර්ය දැල්ලක් මුදා හරිනු ලැබුවා.