ඔක්තෝබර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් නිවේදනය කර සිටිනවා.
ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.
අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.
එහිදී කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළ අතර එහි මිල රුපියල් 3,680ක් දක්වා පහත දැමුනා.
එසේම කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩු කළ අතර, එය රුපියල් 1,477ක් ලෙසයි දැන් අලෙවි වන්නේ .

