ශ්‍රී ලංකා රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.36 ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.61 ක් ලෙස සටහන් වී තිබෙනවා .