විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ග ගත ක්‍රමවේදයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය හෙට සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව පැමිණෙන පිළිවෙල අනුව සේවා සැපයීම සිදු කෙරෙන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාව අදත් දැඩි අසීරුතාවකට පත්වුණා.
ඔවුන් සඳහන් කළේ ආහාර පහසුකම්, වැසිකිලි පහසුකම් සහ නිසි නින්දක් නොමැතිව දින කිහිපයක සිට තමන් පෝලිම්වල රැඳී සිටින බවයි.
ඇතමුන් තම අවස්ථාව ලැබෙනතුරු එම දෙපාර්තමේන්තුව අවට මාර්ගවල නිදා සිටින අයුරුද වාර්තා වී තිබෙනවා
කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ඊයේ ප්‍රකාශ කළේ මේ වනවිට බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවයි.
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වාදීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා විදේශීය සමාගමකට දැනටමත් ටෙන්ඩරයක් ප්රදානය කර ඇති බව ද ඔහු කියා සිටියා.
හදිසි අවශ්‍යතා සඳහා පමණක් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන ලෙසයි ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන පාලකවරයා දැනුම් දුන්නේ.

