හිස ඔසවන භයානක ජලභීතිකාව

යාපනයේ වන්නර්පන්නෙයි ප්‍රදේශයේ කාන්තාවක් ජලභීතිකා රෝගය හේතුවෙන් ඊයේ (26) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.ඇය මියයාමත් සමගම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ යාපනයෙන් ජලභීතිකා රෝගයෙන් මියගිය රෝගීන් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වන්නර්පන්නයි ප්‍රදේශයේ මහේන්ද්‍රන් ශාන්ති නමැති 62 හැවිරිදි කාන්තාවක්.ඇයව නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා සපා කා ඇති අතර, සති දෙකකට පමණ පසුව ඇය රෝගී වී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.මියගිය කාන්තාව සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර, කාන්තාවගේ මරණයට හේතුව ජලභීතිකා රෝගයේ බැක්ටීයාවන් ශරීරගත වී අභ්‍යන්තර අවයවවලට විනාශයක් සිදු කිරීම නිසා බවට නිගමනය කර තිබෙනවා.අයාලේ යන සුනඛයින් 2,500ක් පමණ යාපනයේ විවිධ ස්ථානවල ගැවසෙන අතර, ඔවුන් පාරේ යන මහජනතාවට සපා කෑම නිසා යාපනයේ ජලභීතිකා රෝගීන් සංඛ්‍යාව වැඩිවන බවයි සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරන්නේ.