අතුරුගිරිය, ඔරුතොට ප්‍රදේශයේදී පසුගිය 08 වැනිදා වෙඩිවැදී ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවුණා.
ඒ විශේෂ පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේයි.
මෙම ඝාතනය හා සම්බන්ධව කළක් මෙරට පාතාලයේ රජු ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ නම ඈඳුණු අතර, වසන්ත හා මදුෂ් අතර පැවති කෝන්තරයක පළිගැනීමක් වශයෙන් මේ වනවිට මෙරටින් පලාගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් සහගතව ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කර ඇති බවට සිදුකෙරෙමින් පවතින පොලිස් විමර්ශන කටයුතුවලදී අනාවරණය වෙමින් පවතිනවා.
එවන් වටපිටාවක් තුළ නැසීගිය මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදානය කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ තාප්පයෙහි අද පස්වරුවේ ඔහුගේ ඡායාරූපයක් සහිතව මුද්‍රණය කරන ලද බැනරයක් ප්‍රදාර්ශනය කර තිබෙනවා.
එහි සඳහන් වී ඇත්තේ, “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන් බවයි වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ඔහු සඳහන් කළේ එම බැනරයේ යටින් K.P.I. යනුවෙන් අකුරු තුනක්ද සටහන් කර ඇති බවයි.
(HIRU News)

