රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඔහුව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති ඔහු සහභාගි වූ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී වන අතර, සුළු තුවාල පමණක් ලැබූ ඔහු මේ වන විට ප්‍රාදේශීය රෝහලක ප්‍රථිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී එම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන වෙඩික්කරු, ආරක්ෂක අංශයේ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
තවද, එම රැලියට සහභාගි වූ අයෙක් මියගොස් තවත් නරඹන්නන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම, “මට වෙඩි තිබ්බා. වේදිකාවේ කතා කරමින් සිටිද්දී, මට වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.” යැයි වෙඩි ප්‍රහාරයට ලක්වී කඩිනමින් රෝහල්ගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කර තිබෙනවා.




