යුක්රේනයට IMF වලින් තවත් ඩොලර් බිලියන 2.2 ක ආධාරයක්

සිව් අවුරුදු විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ තවත් ඩොලර් බිලියන 2.2 ක් යුක්රේනයට වෙන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබෙනවා.

රජයේ සේවකයන්ගේ වැටුප් ඇතුළු රජයේ වියදම් සඳහා මෙම අරමුදල් යෙදවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

2022 පෙබරවාරි මාසයේ රුසියාව ආක්‍රමණය කිරීමෙන් පසුව, යුක්රේනයට රජයේ වියදම් සඳහා මිත්‍ර පාක්ෂිකයින්ගෙන් යුරෝ බිලියන 80කට වැඩි ආධාර ලැබී තිබෙනවා.

මේ වසර අවසන් වන විට යුක්රේනයේ ණය බර ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 94% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි Economist විසින් ගණනය කර ඇත්තේ.