ඉන්දියාවේ Koo සමාජ මාධ්‍ය ජාලය වසා දමයි

X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මේ හේතුවෙන් එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    
එහි නිර්මාතෘවරු වන Koo හි නිර්මාතෘවරුන් වන Aprameya Radhakrishna සහ Mayank Bidawatka කියා සිටියේ අවශ්‍ය තරම් අරමුදල් නොලැබීම සහ තාක්ෂණය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගත් බවයි.

2020 වසරේ දී ආරම්භ කල මෙහි  භාෂා 10කින් පණිවුඩ හුවමාරුකර ගැනීමට හැකියාව තිබේ.

ඉන්දීය රජය සහ X ජාලය අතර 2021දී මතභේදයක් ඇතිවීමෙන් අනතුරුව රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙක් ම Koo ජාලය භාවිත කිරීමට පෙළඹුණි.

ඒ හේතුවෙන් එය වඩාත් ප්‍රචලිත විය.

2021 වනවිට Koo මෙවලම මිලියන 20ක් පමණ පිරිසක් විසින් download කර ගෙන තිබුණා.