මේ දවස් වල ලංකාවේ හැම රාජ්‍ය අංශයක්ම වගේ දිගට හරහට strike එහෙමත් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ අංශ රැසක්ම මේ වෙන විට දවස් ගණන් මාස ගණන් වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදිලා ඉන්නවා.
අධ්‍යාපන අංශ දියත් කරලා තියෙන මේ strike නිසා රටේ අනාගත පරම්පරාවට වෙන හානිය ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
මේ වෙනකොට අපේ රටේ පළමු ශ්‍රේණියේ ඉඳන් විශ්වවිද්‍යාල අවසාන වසරේ සිසුවා දක්වා රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ගේ අධ්‍යාපනය කඩා වැටිලා තියෙනවා.
ගුරු විදුහල්පතිවරුන්ගේ මෙන්ම අධ්‍යාපන අනධ්‍යන අංශ ගෙනියන මේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා දැන් පාසල් යන ළමයින් බහුතරයක් සතියක වෙලේ ඉඳන් ගෙදර ඉන්නේ. එයාලට පාසලෙන් ගන්න තියෙන දැනුම්, එයාලගේ පාසල් ජීවිතය සතියකින් ආපස්සට ගිහින් තියෙන්නේ.
සඅමහර අය නම් කියනවා ටියුෂන් එකෙන්, එහෙමත් නැත්නම් පෙළපොත් කියවලා ඒ විෂය කරුණු ඉගෙන ගන්න පුළුවන්, ඉස්කෝලේ යන්නේ නැති වුණාට කමක් නැහැ කියලා.
එත් ඉස්කෝලෙකින් අපි කරන්නේ විෂය දැනුම ලබා ගන්න එක විතරක් නෙමෙයි. එතනිදී විෂය බාහිර ක්‍රියාකාරකම් වගේම ළමයි එක්ක ගනුදෙනු කිරීම වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
සමහර වෙලාවට ළමයින්ව ගෙදර තියා ගන්න බැරි විවිධ හේතූන් නිසා ළමයින්ව මේ අවස්ථාවලදී වුණත් ඉස්කෝලේ එවන්න සිද්ධ වෙනවා. එහෙම එන සමහර ළමයි ගහගන්න රණ්ඩු වෙන දේවල් වගේම ඒ නිසා බරපත තුවාල ඇති වීමේ සිද්ධිත් මේ ටිකේ අහන්න දකින්න පුළුවන්.
මේ දවස් වල සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීම සිදු වෙන්නෙත් නැහැ, ඒ ළමයින්ට ප්‍රතිඵල දෙන්න පරක්කු වෙන එකෙන් වෙන්නේ එයාලට ජිවිතේ ගැන හරියට තීරණයක් ගන්න එක තවත් පරක්කු වෙන එක. නැවත වතාවක් විභාගයට සූදානම් වෙන්න හරි, ඉදිරි අනාගතය ගැන හිතන්න හරි මේ විභාග ප්‍රතිඵල ඉක්මනට ලැබෙන එක අනිවාර්යය දෙයක් වෙනවා.
ඒ ළමයින්ගේ ජිවිතේ නිකම් ඔහේ යනවා මේ දේවල් නිසා.
ඒ වගේම තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න ළමයි, 2022 උසස් පෙළ විභාගය අවසන් කරපු සරසවි වරම් ලැබූ සිසුන්ගෙන් බොහෝ පිරිසකට තවමත් සරසවි යන්න බැරි වෙලා තියෙනවා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වර්ජනය නිසා. මේ වෙනකොට ඒ ළමයි විභාගය අවසන් කරලා වසර දෙක හමාරක් වගේ කාලයක් ගිහින් තියෙනවා. ඒ ළමයින්ගේ ජීවිතය කොච්චර කාලෙකින් මේ දේවල් නිසා ආපස්සට යනවද.
සමහර විශ්වවිද්‍යාල වල සමහර අංශ වල නම් online lectures පැවැත්වෙනවා. මොකුත්ම නොකර ඉන්නවට වඩා ඒ දේවල් එහෙම හරි වෙලා ළමයින්ගේ degree ඉක්මනට ඉවර කරන්න උත්සාහ කරන එක යහපත් දෙයක්.
විශ්වවිද්‍යාල වල රසායනාගාර මාස ගණනාවක් තිස්සේ වසා දැමීමත් එක්ක ඒවගේ තියෙන රසායන ද්‍රව්‍ය, ළමයින් සූදානම් කරලා ගිහින් තියෙන විවිධ පරීක්ෂණ නියැදි එහෙම විනාශ වෙලා ගිහින් තියෙනවා. ආයෙමත් ඒ දේවල් කරන්න, ආයෙමත් ඒ රසායන ද්‍රව්‍ය ගන්න විශාල වියදමක් යනවා. ඒ වගේම විශාල කාලයකුත් ආයෙම යනවා හැම දේම මුල ඉදන් කරන්න.
practical තියෙන විෂයන් වල ඒවා නැතුව degree එක සම්පූර්ණ වෙන්නෙත් නැති නිසා online දේශන තිබ්බත් ඒ ළමයින්ගේ degree එකේ කාලය ටිකකින් හරි වැඩි වෙනවා.
ඒ වගේම තමයි උපාධි ප්රධානොත්සවත් දින නියමයකින් තොරව කල් ගිහින් තියෙනවා.
විශ්වවිද්‍යාල සිසුවෙක් ගේ අවුරුදු තුනක, හතරක හෝ පහක මහන්සියේ ප්‍රතිඵලය දකින්න ඔවුන්ට තවත් කල් බලා ගෙන ඉන්න වෙනවා.
හරියටම කිව්වොත් මේ strike නිසා ළමයි ගෙදරට නාකි වෙනවා. සමහර ළමයි degree අතඇරලා යන්න තරම් මානසිකව වැටිලා ඉන්නේ.
විශ්වවිද්‍යාල අනධ්‍යන අංශ මේ වෙනකොට දවස් 55ක් තිස්සේ වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ගේ ජිවිතේ දවස් 55ක් ආපස්සට ගිහින් තියෙන්නේ. තෙවන සහ හතරවන වසර වල ඉගෙන ගන්න ලමයින්ගේ නම් ඊට වඩා සෑහෙන්න කාලයක් ආපස්සට ගිහින් තියෙන්නේ විටින් විට එන මේ strike නිසා.
ඉතින් ඒ නැති වුනු දවස් ඒ ළමයින්ගේ ජීවිතේට කවුද ආයේ දෙන්නේ?
මෙහෙම අවුරුදු ගාණක් විශ්වවිද්‍යාලයක් ඇතුලෙ හිර වෙලා ඉඳලා එයාලා එලියට ගිහින් තමන්ගේම කියලා දේවල් ගොඩ නගා ගන්නකොට සෑහෙන්න වයසක් ගිහින් එයාලට. degree එක අර ගෙන එලියට ගියාම රැකියාවක් හොයා ගන්න සෑහෙන්න තරඟයක් දෙන්න ඕනේ. ගොඩක් ළමයින්ගේ වයසට අනුව සුදුසුකම් නැති වෙනවා ජොබ් වලට අයදුම් කරන්න. එයාලගේ වයසේ වෙන විශ්වවිද්‍යාල වලට ගිය ළමයි ඊට වඩා ගොඩක් ඉස්සරහට ඇවිත්, පොඩි වයසකට.
හැමෝටම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න තරම් වත්කමක් නැහැ. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල නඩත්තු කරන්න මේ රටේ ඉන්න හැම ජනතාවම සල්ලි දෙනවා . මේ රටේ මිනිස්සු බදු කියලා කොච්චර ගෙවනවද.
තමන්ගේ ළමයෙක් ඉගෙන ගන්නවා වුණත් නැති වුණත් ඒ මිනිස්සු මේ රටේ රාජ්‍ය පාසල්, සහ විශ්වවිද්‍යාල නඩත්තු කරන්න විශාල මුදලක් ගෙවනවා.
මේ strike නිසා ඒ මුදල් වලින් විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා.
මෙහෙම දිගින් දිගටම කරන strike වලින් වැඩිම බලපෑම තියෙන්නේ තවම ජිවිතේ පටන් ගන්න හිතලවත් නැති ඉගෙන ගන්න ළමයින්ට. ඒ ළමයිට ඒවාගේ බරක් පතලක් දැන්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, එත් විශාල විදිහට ඒවා බලපෑම් කරනවා.

