පාකිස්ථානයේ අධික උෂ්ණත්වයත් සමඟ මිය යන පිරිස ඉහලට

දකුණු පාකිස්තානයට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්වයත් සමඟ විශාල පිරිසක් මිය යන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

සාමාන්‍යයෙන් දිනකට මිනිසුන් 30 සිට 40 දක්වා පිරිසක් මිය යන බවයි එරට Edhi ගිලන්රථ සේවය සඳහන් කරන්නේ.

පාකිස්ථානයේ අගනුවර වන කරච්චි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව පසු කර ඇති අතර එහි මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 49ක් තරම් ඉහළ අගයක් ගනු ලබනවා.

අධික උණුසුම හේතුවෙන් ඇති වන ආඝාත තත්ත්වයන් නිසා ද රෝහල් ගත වන පිරිස ඉහළ ගොස් ඇති අතර ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මිය යන බවයි රෝහල් සඳහන් කරන්නේ.