මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 24,645 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
එහි දී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි එහි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 5289ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2309ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් 1,307ක් රෝගීන් වාර්තා වී තිබෙනවා.
පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු පැතිරයාමේ අවධානම ඉහළ මට්ටමක පවතින බැවින් තම නිවාස සහ පරිශ්‍ර අවට පිරිසිදුව තබා ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

