බටහිර රටවල් විසින් යුක්රේනයට ලබා දුන් මිසයිල රුසියාවට එරෙහිව භාවිතා කළ හොත් ඇති විය හැකි භයානක තත්ත්වයක් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ එලෙස ආයුධ සැපයුවහොත් තත්ත්වය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, යුක්රේනය විසින් බටහිර රටවලින් ලබා දෙන ආයුධ භාවිතා කරමින් රුසියාවට පහර දිය යුතු බවට පවසා ඇති පසුබිමකයි රුසියාව මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.
පුටින් පෙන්වා දෙන්නේ බටහිර රටවල් විසින් ලබා දීමට සැලසුම් කරන දිගු දුර මිසයිල යොදා ගනිමින් ප්‍රහාර දියත් කිරීමට නම් බටහිර රටවල චන්ද්‍රිකා සහ හමුදා බුද්ධි අංශ වල සහාය අවශ්‍ය බවයි.
යම් හෙයකින් එම සහය ලබා දෙන්නේ නම් ඔවුන් ද සෘජුවම මෙම යුද්ධයට හවුල් වනු ඇති බවයි පුටින් අවධාරණය කරන්නේ.

