ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹෙයි

ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් අද (26) සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ.