2024 – 05 – 27

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 21

අද මැයි මාසේ 27 වෙනිදා, සඳුදා, දීර්ඝ නිවාඩුවකට පස්සේ අද වැඩට යන දවස.

මැයි මාසෙට හරියටම බැලුවොත් තව දවස් 4ක් වගේ තියෙන්නේ. ඊට පස්සේ ආයෙමත් අලුත් මාසයක්. ඉතින් මේ ටිකේ දීර්ඝ නිවාඩුවකුත් තිබිලා පොඩ්ඩක් refresh වෙලා ඉන්න නිසා, මැයි මාසේ ඔයාට ඉතුරු වෙලා තියෙන වැඩ ටික කොහොම හරි ඉවරයක් කර ගන්න බලන්න.

පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න වෙයි, එත් ඔයාට ඒ වැඩ ටික තවත් මාසයකට ගෙනියන්න ඕනි නැති වෙයි.

අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Marketing Day එක. දැන් නම් ඉතින් හැමදේම Marketing වගේ තමා නේද… father of modern marketing එහෙමත් නැත්නම් නූතන අලෙවිකරණයේ පියා විදිහට සැලකෙන Philip Kotler උපන්දිනය සිහි වෙන්න තමයි අද අලෙවිකරණ දිනය විදිහට නම් කරලා තියෙන්නේ.

ඔයා business කරන කෙනෙක් නම් ඔයාගේ product එක හරි සේවාව හරි ලොකු පිරිසක් අතරට ගෙනි යන එක අනිවාර්යය දෙයක් වෙනවා. මොකද එහෙම වෙන්නේ නැතිව ඔයාගේ sales වැඩි වෙන්නේ නැහැ. ඉතින් දැන් අලුත් තාක්ෂනය එක්ක marketing ක්‍රම ගොඩක් අලුත් වෙලා තියෙනවා. ඒවා ගැන update වෙවී ඒවාට අනුවම කටයුතු කරන එක වැදගත් වෙනවා.

අදට තියෙන තව දවසක් තමයි අද decoration day එහෙමත් නැත්නම් සැරසිලි දිනය වීම. අපි කවුරුත් ආසයි නේ ලස්සනට දේවල් සරසලා තියෙනවට, ඒකෙන් අපේ ඇස පිනවෙන්වා, සිත සතුටු වෙනවා. දැක්කම ප්‍රියමනාප හැඟීමක් තමයි ඇති වෙන්නේ.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!