“doge” meme template එකෙහි සිටින Kabosu සුනඛයා මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සත්ත්වයා shiba inu වර්ගයේ ගැහැණු සුනඛයෙක් වනවා.
2022 වසරේ දී ඇයට ලියුකේමියාව සහ අක්මා රෝගයක් ඇති බවට සොයා ගෙන තිබෙනවා,
කෙසේවෙතත් Kabosu සිය අයිතිකරුවන්ගේ අතේ වේදනාවකින් තොරව මිය ගිය බවයි ඇයගේ අයිතිකරුවන් සඳහන් කරන්නේ.
ඇය ලාංඡනය කර ගෙන සිටින Dogecoin හි නිල cryptocurrency හි X ගිණුම පහත ආකාරයට ඇයගේ මරණය සම්බන්ධයෙන් නිවේදනය කර සිටියා.


