2024 – 05 – 25

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 20

අද මැයි මාසේ 25 වෙනිදා, සෙනසුරාදා.

අද දීර්ඝ සති අන්තයේ තුන්වෙනි දවස. තාම ඉතින් වෙසක් තමයි… අදත් දන්සැල් , කූඩු ප්‍රදර්ශන එහෙම තියෙනවා. වැස්සේ වුණත් දන්සල් එහෙම සංවිධානය කරන අයට ඇත්තටම පිං!

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් Global Africa Day එක. අප්‍රිකාව කියන්නේ ලෝකේ තියෙන මහාද්වීපයක්. කළු ජාතිකයන්, විශාල ජෛව විවිධත්වය නිසා අප්‍රිකාව කියන්නේ කැපී පෙනෙන මහාද්වීපයක්. ඒ වගේම එයාලට තියෙන්නේ වෙනස්ම සංස්කෘතියක්. අප්‍රිකානු මහද්වීපයේ තියෙන අප්‍රිකානු රටවල එකමුතුකම නිරුපනය කරන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ.

මේ රටවල් දරිද්‍රතාව, කාලගුණික වෙනස්කම් ආදී දේවල් නිසා විශාල අභියෝග වලට මුහුණ දෙනවා. ඒවාට එකතු වෙලා විසඳුම් සොයන්න වගේම, ඒ දේවල් අඩු කරන්න ගන්න ඕනි ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරන්නත් මේ දවස මතක් කරලා දෙනවා.

ඒවගේම අද  International Skin Pigmentation Day එක. මේකේ දී ගොඩක්ම අවධානය යොමු කරන්නේ hyperpigmentation – සමේ එක තැනක මෙලනින් වැඩි වශයෙන් නිපදවීම නිසා ඒ තැන අනෙක් තැන වලට සාපේක්ෂව වැඩි පාටකින් යුතු වීම කෙරෙහි. ඔයාලාගෙත් සමහර වෙලාවට කට අවට, මුහුණ, තොල්, සහ අත් කකුල් වල මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

ඒක ඇත්තටම හරිම සාමාන්‍ය දෙයක්. හිරු එලියට නිරාවරණය වීම හරහා මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෝර්මෝන තත්ත්ව සහ විවිධ ඖෂධ නිසාත් මෙහෙම වෙන්න පුළුවන්.

2020 අවුරුද්දේ දී තමයි මෙහෙම දවසක් ඉස්සෙල්ලම නම් කරලා තියෙන්නේ.

hyperpigmentation කියන්නේ සාමාන්‍ය දෙයක් වුණත් beauty product හදන industry එකේ නම් හොඳ target එකක්. එයාලා ඒක ලොකු දෙයක් කරලා එයාලගේ products විකුණා ගන්න ඒක උදව්වක් කර ගන්නවා. හරියටම ගත්තොත් ඒ beauty products ad ගොඩකින් කරන්නේ අපේ දැන් තියෙන ලස්සන අපිට හඳුනා ගන්න බැරි කරලා, අපි දැන් කැතයි, ඒ cream එක ගෑවොත් ඔක්කොම හරියයි කියලා අදහසක් අපේ ඔලුවට දාන එක. ඇත්තටම ඒක එයාලගේ මාකටින් trick එකක් විතරයි.

ඔයාට අවශ්‍ය නම් හොඳ SPF අගයක් තියෙන sun cream එකක් භාවිතා කරලා මේ hyperpigmentation තත්ත්වයන් සෑහෙන්න ප්‍රමාණයකින් අඩු කර ගන්න ඔයාට පුළුවන්. හිරු එලියට නිරාවරණය වීම හරහා අපේ මෙලනින් නිෂ්පාදනය වීම වැඩි වෙනවා නේ, එතකොට තමයි සම ටිකක් අඳුරු පාටක් ගන්නේ.

ඉතින් ඔයාල මේ දීර්ඝ නිවාඩුවේ මොකද කළේ? සතුටින් ගත කලාද? හිතලා බලන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!