තේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් මෙම වසර සඳහා වෙන් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
සෑම ප්රදේශයකින්ම ලබා ගන්නා ලද නැවුම් තේ ඓතිහාසික කොටපොල ගැටඹරු රාජ මහා විහාරයේදී ත්‍රිවිධ රත්නයට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

