සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන නැවතත්

ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජූනි මස 1 වන සතියේ සිට දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණ වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබෙනු ඇති.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.