ගංගාවල ජල මට්ටම ඉහළට

පවතින අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් අත්තනගලු ඔය පරිහරණය කිරීමේදී ජනතාව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මහවැලි, කළු, ගිං, මාදුරු ඔයේ ජල මට්ටම්ද මේ වනවිට ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර රාජාංගණය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක බැගින් තවදුරටත් විවෘත කර තිබෙනවා.