ප්‍රදේශ කිහිපයක කුඩා ධීවර යාත්‍රා අද (19) දහවල් 12 සිට නැවත දැනුම් දෙන තුරු මුහුදු නොයන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, මන්නාරම දිස්ත්‍රික්කයද ඇතුළුව මන්නාරම සිට පුත්තලම, හලාවත මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න වරායන් සහ තොටුපළවල් වෙතින් ක්‍රියාත්මක සියලූම වෙරළාසන්නයේ ක්‍රියාත්මක ධීවර යාත්‍රා, ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසයි දැනුම් දෙනු ලබන්නේ.

