ආයෙමත් ඉන්දියාවෙන් බිත්තර ගේන්න යයි

ඉන්දියානු බිත්තර නැවත ආනයනය කිරීමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ දේශීය බිත්තර මිලෙහි වෙලදපොලේ පවත්නා තත්වය සැලකිල්ලට ගනිමින් එය පාලනය කිරීමේ අරමුණිනුයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.