හිරු නැගීම – 05 : 54
හිරු මුදුන් වීම – 12 : 05
හිරු බැසීම – 18 :17
අද මැයි මාසේ හයවෙනිදා, සඳුඳා දවස. අදින් අලුත් සතියක් ආරම්භ වෙනවා. ඉතින් අද දවස මේ සතියේ වැඩ මොනවද තියෙන්නේ, ඔයා අනිවාර්යයෙන් කරලා ඉවර කරන්න ඕනි වැඩ මොනවද කියන දේවල් පොඩ්ඩක් plan කරලා note එකක් දා ගන්න.
එහෙම පිළිවෙලට සතිය සැලසුම් කරන එකෙන්, අපිට දේවල් මඟ හැරීමේ තියෙන chance එක අඩු වෙනවා වගේම ගොඩක් වැඩ කර ගන්නත් පුළුවන් වෙනවා. දවසක් වුණත් හරියට සැලසුම් කරලා කළොත් වෙනදට වඩා ගොඩක් දේවල් ඒ දවස ඇතුළත කර ගන්න පුළුවන් වෙනවා.
ඉතින් මැයි 06 වෙනිදා තියෙන විශේෂත්වය ගත්තොත් අද International No Diet Day එක. මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ diet කරන ඔයාට cheat day එකක් විදිහට නම් නෙමෙයි ඔන්න.. හිකිස්.
අපි සහ අපි ආහාරයට ගන්නා දේවල් අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යා යුතු බව කියන්න තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපේ ශරීරයට හිතකර, ලෙඩ හදවන්නේ නැති කෑම කන්න. එහෙම හරියට දැනගෙන ආහාර ගන්නවා නම් diet කියන දේ ඇත්තටම අනවශ්‍ය දෙයක්.
ඒ වගේම තවත් මතක තියා ගත යුතු දෙයක් තමයි diet කරනවා කියලා ඔයාගේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දීම නම් මඟ හරින්න එපා. එහෙම වුණොත් diet නිසා ඔයාගේ ඇඟ තවත් හානියට පත් වෙන එක තමයි වෙන්නේ. diet එකක් follow කරන එක ඇත්තටම හොඳ දෙයක් වුණත් ඒක හරියට කරන්න මතක තියා ගන්න. ඔයාට ගැලපෙන diet plan එකක් හදා ගන්නත් අමතක කරන්න එපා.
ඔයාගේ උස, බර, වයස, ක්‍රියාශීලි ස්වාභාවය, ස්ත්‍රී පුරුෂ බව වගේ ගොඩක් සාධක වලින් diet plan එක අනෙක් අයගෙන් වෙනස් වෙනවා.
අද Beverage Day එක විදිහටත් හඳුන්වන්න පුළුවන්. Beverage කිව්වම අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ කොකා කෝලා වගේ soft drinks. සරලව සිංහලෙන් ගත්තොත් Beverage කියන්නේ පානයක්. ඒ කියන්නේ coffee, tea වගේ බොන්න් පුළුවන් ඕනි දෙයක් Beverage එකක් වෙනවා.
සාමාන්‍යයෙන් කෑමකට වඩා බීමට දාන සීනි හැඳි ප්‍රමාණය වැඩි. ඒ නිසා සීනි දාල බොන බීම වලට අනිවාර්යයෙන් සිමාවක් තියා ගන්න. ප්‍රමාණයට වඩා ඒවා බිව්වොත් දියවැඩියාවට එන්න පුළුවන්.
දොස්තරලා වුණත් කියන්නේ පලතුරු කනකොට ගෙඩිය අමුවෙන් කන්න මිසක් එකෙ ජූස් එකක් බොන්න් යන්න එපා කියලා නේ.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

