පිළිකා රෝහලට සහ වැලිකඩට විභාග මධ්‍යස්ථාන දෙකක්

මහරගම අපේක්ෂා රෝහලේ සහ වැලිකඩ බන්ධනාගාරයේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

එම ආයතනවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.