යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවතට

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 9770 ක් සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසනවා.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි  යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ඉකුත් 20 දින සිට ඊයේ (4) දක්වා කාලය පොදු සමා කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.