මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මස අඩුවී ඇති බවයි.
මෙම වසරේ පෙබරවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරමින් දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබෙනවා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව පහළ යාමට ප්‍රධාන හේතුව ලෙස හඳුනා ගෙන ඇත.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 18,308 ක් අවශ්‍ය වනවා.
එසේම අඩුම මාසික වියදම රුපියල් 16,231 මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

