ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.28 ක් ලෙස හා විකුණුම් මිල රු. 305.19ක් වන ලෙස අද සටහන් වී තිබෙනවා.
ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල අවප්රමාණය වී තිබෙනවා

