රුසියාවේ කොරෝනා ආසාදිත අගය යළිත් 10,000 පසුකිරීමත් සමග අඛණ්ඩව සති දෙකකට ආසන්න කාලයක් (දින 13ක්) රෝගීන් 10,000ක් හෝ ඊට ආසන්නතම අගයක් රුසියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගෙවීගිය පැය 24ක කාලය තුළ රුසියාවේ නව කොරෝනා ආසාදිතයන් 10,598ක් වාර්තා විය.
රුසියාවෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 262,843ක් වාර්තා වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තියනවා.
එරටින් වාර්තා වූ සමස්ත නව කොරෝනා මරණ 2,418කි. සුවය ලැබූවන් 58,226කි.

