දවස් 13ක දී රුසියාවේ කොරෝනා ආසාදිතයින් 10.000 ඉක්මවයි

රුසියාවේ කොරෝනා ආසාදිත අගය යළිත් 10,000 පසුකිරීමත් සමග අඛණ්ඩව සති දෙකකට ආසන්න කාලයක් (දින 13ක්) රෝගීන් 10,000ක් හෝ ඊට ආසන්නතම අගයක් රුසියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගෙවීගිය පැය 24ක කාලය තුළ රුසියාවේ නව කොරෝනා ආසාදිතයන් 10,598ක් වාර්තා විය.

රුසියාවෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 262,843ක් වාර්තා වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තියනවා.
එරටින් වාර්තා වූ සමස්ත නව කොරෝනා මරණ 2,418කි. සුවය ලැබූවන් 58,226කි.