දස දහස් ගණනක් ඊශ්‍රායල ජාතිකයින් විවිධ නගරවල වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුවට විරෝධය දැක්වීමට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සාකච්ඡා ඉල්ලා සිටීමට මෙලෙස උද්ඝෝෂණ වල නිරත බවයි සඳහන් වෙන්නේ.
ගාසා තීරයේදී ප්‍රාණ ඇපකරුවෙකු වූ එලාඩ් කාට්සිර් නැමැත්තාගේ සිරුර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් සොයා ගැනීමත් සමගයි මෙම විරෝධතා ආරම්භ වී ඇත්තේ.
පසුගිය ඔක්තෝම්බර් 7 වෙනි දා ආරම්භ වුණු යුද්ධයට මේ වන විට මාස හයක් සපිරෙන අතර ඊශ්‍රායල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට යුද්ධය දුෂ්කරම අවධියක පවතින බවයි.

