මේ මස සිට පාසල් සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා

තෝරාගත් පාසල් සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට අදාළ වැඩසටහනට සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අති දුෂ්කර ග්‍රාමීය පාසල්, දුෂ්කර පාසල්, හුදකලා පාසල්, වතු පාසල් සහ දරිද්‍රතාවයට මුහුණ දෙන සිසුන් සහිත නාගරික පාසල්වල ඉගනුම ලබන ශිෂ්‍යාවන් 800,00කට එම සනිපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙනු ඇති.

එම වැඩසටහන මෙම මාසයේ සිටම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.