2024 – 04 – 03

හිරු නැගීම – 06 : 06

හිරු මුදුන් වීම – 12 : 12

හිරු බැසීම – 18 : 18

අද අප්‍රේල් මාසේ තුන්වෙනිදා, බදාදා. දන්නෙම නැතුව මේ මාසේ දවස් දෙකකුත් ඉවර වෙලා නේද.

ඉතින් අද දවසේ විශේෂත්වය ගත්තොත් අද තමයි World Cloud Security Day. Cloud එකක් කියන්නේ අපේ data ගබඩා කරලා තියා ගන්න තැනක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. අපි backup එකක් එහෙම දානකොට cloud එකට තමයි ඒවා upload වෙන්නේ.

ඔයාල අහල ඇති මේ cloud hack වීම නිසා ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පවා data leak වෙලා තියෙනවා කියලා. හරි විදිහට security system එකක අනුගමනය කළේ නැත්නම් ලේසියෙන්ම ඔයාගේ cloud එකත් hack වෙන්න පුළුවන්.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මෙහෙම Cloud Security Day එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඔයාලට පුළුවන් strong password, fingerprint, face unlock, වගේ දේවල් වගේම two step verification වගේ දේවල් භාවිතා කරලා ඔයාගේ cloud එකේ ආරක්ෂාව වැඩි කර ගන්න.

ඔයාගේ පෞද්ගලික තොරතුරු safe නැති websites වලට ඇතුලත් කිරීමෙන් වලකින එකත් ඔයාගේ personal data ආරක්ෂා කර ගන්න එකට ලොකු උදව්වක් වෙනවා.

ඒ වගේම අප්‍රේල් තුන්වෙනිදා Walking Day එක විදිහටත් සලකනවා. walk එකකට යනවා කියන්නේ ටිකක් එලියට බැහැලා, ඉර එලිය ටිකක් ඇඟට වැටෙන්න දීලා, හුලන් වැදිලා එන ගමනක් නිසා හිතට හරිම නිදහසක් දැනෙනවා පොඩි walk එකකින්. ඒ වගේම එක ශරීරයටත් හොඳ ව්‍යායාමයක්.

අද World Party Day එකත් වෙනවා. යාළුවො එක්ක set වෙලා පොඩි party එකක් දාන්න ඉතින් හේතුවක් අවශ්‍යම වෙන්නේ නැහැ නේද.. party කියන්නෙත් ඉතින් ගොඩක් අයට relax වෙන්න තියෙන හොඳ විදිහයක්…

අපි කැමතිම අය එක්ක යන walk එකක්, party එකක් ඉතින් කොහොමත් හරිම විනෝදජනකයි නේ.

ඉතින් එහෙනම් අද දවස සතුටින් විනෝදයෙන් ගත කරන්න. ඉඩක් ලැබුනොත් ඔන්න walk එකකටත් යන්න අමතක කරන්න එපා.

ජය වේවා! තෙරුවන් සරණයි!