ප්‍රකට දමිළ සහ මලයාලම් නළු ඩැනියෙල් බාලාජි චෙන්නායිහි දී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොට්ටිවාකම් හි පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබූ ඔහු එහි දී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය යන විට ඔහු 48 හැවිරිදි වියේ පසු වුණා.
අභාවයෙන් පසු ඔහුගේ දේහය අවසන් කටයුතු සඳහා පුරසයිවල්කම් හි පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබෙනවා.
දෙමළ, මලයාලම්, තෙළිඟු, සහ කන්නඩ සිනමාව හරහා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ඩැනියෙල් කමල් හසන්ගේ මරුදුනායගම් චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළා.
Polladhavan, Chirutha, සහ Muthirai වැනි චිත්‍රපට ඔහුගේ වඩාත් ප්‍රසිද්ධියට පත් චිත්‍රපට ලෙස සැලකිය හැකි වනවා.
2023 වසරේ දී තිරගත කෙරුණු Mithran R Jawahar ගේ Ariyavan චිත්‍රපටයයි ඔහු අවසන් වශයෙන් රංගනයෙන් දායක වී ඇත්තේ.

